BREAKING NEWS

31 May, 2015

What is SEO [In Sinhala]

මේ දවස් වල හැමෝටම Blog එකක් හරි Web Site එකක් හරි තියනවා. ඒ හැමෝටම තියන ප්‍රශ්නෙ තමා කොච්චර පෝස්ට් දැම්මත් ඒවා බලන්න කට්ටිය එන්නේ නැති එක.  මේ ප්‍රශ්නය විසදගන්න පොඩි Tips / Tricks වගයක් අද ලිපියේ තියනවා.

SEO කියන එකේ තේරුම තමා Search Engine Optimizing කියන එක. සිංහලෙන් මේකට ‘හොදම දේ සොයා දීම‘ කියලා කියන්න පුළුවන්. අපේ Site එකේ තියන හොද ලිපි සෙවුම් යන්ත්‍රවල තොරතුරු සොයන අයට යොමු කරවීම තමා SEO වලින් කරන්නේ.

SEO කියන දේ දැන් අලෙවි කරන දැනුමක් බවට පත් වෙලා තියනවා. තමන්ගේ Web Site එක සර්ච් රිසල්ට්'වල උඩට උස්සලා තියන විවිධ ක්‍රම  ඉගෙන ගන්න කැමති අයට මේ උපදෙස් හුගක් වටිනවා. ඔයා SEO ජගතෙක් වෙන්න නම් මේ උපදෙස් ගැන අවධානයෙන් ඉන්න, 



  • වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්නා භාෂා‘වල (HTML) මූලික දෑ ගැන ඉගෙන ගන්න.



SEO ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන් HTML ගැන මූලික දැනුමක්වත් ගොඩනගා ගන්න ඕන. HTML මූලික ටැග් මොනවද ඒවායෙන් වෙන්නේ මොනවද කියන දේ ඉගෙන ගෙන තිබීම වැදගත්.



  • SEO සහ සෙවුම් යන්ත්‍ර (search engine) මූලික කරුණු ඉගෙන ගන්න උනන්දුවක් ඇති කර ගන්න.


අප යම් කිසි දෙයක් ගූගල්/යාහු සර්ච් එන්ජින්වල සර්ච් කරන්න ටයිප් කලාට පස්සේ එන සර්ච් රිසල්ට් එයාලා අපිට හොයලා දෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
SEO‘වල භාවිතා වන මූලික සංකල්ප ගැන හොයලා බලන්න.

  • Search Engine‘වල සෙවීමේදී යොදා ගන්නේ යැයි උපකල්පනය කරන ඉගි පද (Keywords) ගැන උනන්දු වෙන්න.

ඔයාලා ලිපියක් වෙබ් සයිට් එකේ දානකොට ඒ ලිපියට අදාලව පමණක් Keywords යොදන්න. ලිපියට දාල නැති Keywords දාන්න යන්න එපා. එතකොට සයිට් එකට එන අය ආපහු හැරිලා යනවා. මේක සයිට් එකේ නමට කැලලක් ඇති වෙන දෙයක්. ඒ හින්දා ඒ ගැනත් උනන්දු වෙන්න.

  • ඉගි පද (Keywords) ලිවීම සහ වෙබ් පිටු තුළට ඒවා ඇතුළත් කිරීමට ඉගෙන ගන්න.

තමන් පල කරන හැම ලිපියකටම Keywords ඇතුලත් කරන්න අමතක කරන්න එපා. ලිපි වලට විතරක් නෙමේ Keywords දාන්නේ, මුළු සයිට් එකම කවර් වෙන විදිහටත් Keywords දාන්න පුළුවන්.

  • ඔබගේ වෙබ් අඩවිය නිතර යාවත්කාලීන (Update) කරන්න.

දවසකට එක ලිපියක්වත් දාලා වෙබ් සයිට් එක කරගෙන යන්න පුළුවන් නම් අවුරුද්දක් යනකොට ඔයාගේ සයිට් එක හොදටම ජනප්‍රිය වෙනවා ෂුවර්.

මේ තියෙන ප්‍රධාන කරුණු ගැන ඔයාලා උනන්දු වුනොත් අපේ සයිට් එක හොදට Optimize කරලා ගන්න පුළුවන්. 
ඉදිරියෙදි SEO ගැන වගේම HTML ගැනත් මම ඔයාලට ලිපි මගින් කියලා දෙනවා. එතකන් උඩ හයිලයිට් කරලා පෙන්නපු කරුණු ගැන තව තවත් විස්තර එකෙන් හොයල ඉගෙන ගන්න.

Share this:

Post a Comment

 
Back To Top
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes