BREAKING NEWS

30 May, 2015

Computer Memory | පරිගණක මතකය [O/L-A/L ICT]

RAM, ROMගැන තාම 100% පැහැදිලි idea ඒකක් නැද්ද? 
උ/පෙ සහ සා/පෙ තොරතුරු තාක්ෂණික විෂයන්හිදී පරිගණක මතකය පිළිබදව වෙනමම පාඩම් ලෙස පවතී. පරිගණක ක්ෂේත්‍රයට නවකයින්ටද, කියවා තේරුම්ගත හැකි පරිදි මෙම ලිපිය සකසා තිබේ.
පරිගණකයකට මතකය අවශ්‍යම සාධකයකි. 

පරිගණකයට දත්ත ඇතුලත් කළ මොහොතේදී ඒවා රදවා ගැනීමටත්, එම දත්ත සකසන විට ඒවා රදවා ගැනීමටත්, සැකසූ දත්ත (තොරතුරු) ලබා දෙන තෙක් රදවා ගැනීමත් යන මූලික අවස්ථාවලදී පරිගණක මතකය සිදු කරනුයේ විශාල කාර්යභාරයකි.


ඉස්සෙල්ලම පරිගණක මතකය අපි වර්ග කරමු.


  1. නෂ්‍ය මතකය (Volatile Memory)
  2. නෂ්‍ය නොවන මතකය (Non-Volatile Memory)

නෂ්‍ය මතකය |Volatile Memory :


විදුලි සැපයුම ඇති තාක් මතකය රදා පවතින අතර විදුලි සැපයුම විසන්දි වූ විට මැකී යන මතකයයි.
මෙය නැවත වර්ග කිහිපයකට බෙදිය හැකිය.
  1. සසම්භාවී ප්‍රවේශ මතකය -RAM
  2. රෙජිස්තර මතකය - Register Memory
  3. සංචිත/නහිත මතකය - Cache Memory

සසම්භාවී ප්‍රවේශ මතකය [RAM] - Random Access Memory : 



මතකය තුළ කිසිදු පිළීවෙලකින් තොරව තැනින් තැන දත්ත රදවයි.
  • පරිගණකයේ ප්‍රධාන මතකය ලෙස හදුන්වයි.
  • විවිධ ධාරිතා වලින් වෙළෙදපලේ මිලදී ගැනීමට ඇත.
  • පරිගණකය ක්‍රියාත්මක පවතින විට මෘදුකාංග රදවා ගන්නේ මෙය මතය.
  • මෙහි රදවාගත් දත්ත ඍජුවම එකට යවයි.
  • විදුලිය නොමැති විට ඇති දත්ත මැකී යයි.
  • වෙළදපලේ සසම්භාවී ප්‍රවේශ මතක වර්ග දෙකක් දක්නට ඇත.
  1. ගතික සසම්භාවී ප්‍රවේශ මතකය - Dynamic Random Access Memory
  2. ස්ථතික සසම්භාවී ප්‍රවේශ මතකය - Static Random Access Memory

රෙජිස්තර මතකය - Register Memory :


  • CPU සකස් කරනා දත්ත පරිගණක උපාංග තුළට වේගයෙන් යොමු කරවයි.

සංචිත/නහිත මතකය - Cache Memory :


CPU වේගවත්ව දත්ත සකසන බැවිනුත් ඊට දත්ත ඍජුවම රැගෙන එන RAM'හි වේගය අඩු බැවින් දත්ත සැකසීමට ලැබෙන තෙක් කාලයක් බලා සිටීමට සිදුවේ. මෙම කාල පමාව නැති කිරීමට සංචිත මතකය යොදා ගනී.
  • CPU සහ RAM එකෙහි දත්ත සම්ප්‍රෙෂණ වේගවල අසමානතාව තුලිත කිරීමට යොදා ගන්නා මතක විශේෂයකි.
  • RAMවඩා වේගවත්ය.
  • RAMවඩා ධාරිතාව කුඩා වේ.
  • සංචිත මතක L1, L2, L3 ලෙස ත්‍රිත්වයක් පරිගණකයේ ඇත.
(නවීන පරිගණක වල L3 ලෙස සංචිත මතකයක්ද පවතී) 
CPU තුළ එකකුත් ඉතිරිය මවුපුවරුව මත ස්ථානගත කර තිබේ.

නෂ්‍ය නොවන මතකය | Non-Volatile Memory :


විදුලිය නොමැති වුවද විදුලිය ඇති විට ගබඩා කළ දත්ත රදවා තබා ගන්නා මතක විශේෂයයි.
  • නෂ්‍ය මතකයට වඩා ධාරිතාවෙන් විශාලය.
  • නෂය මතකය තරම් වේගවත් නොවේ.
මේවා ප්‍රධාන වර්ග දෙකකට බෙදේ,
  1. පඨන මාත්‍ර මතකය - ROM
  2. ද්විතීක ආචයන - Secondary Storage

පඨන මාත්‍ර මතකය [ROM] Read Only Memory :


  • අර්ධ සන්නායක මූලද්‍රව්‍ය වලින් නිමවා තිබේ.
  • වෙනස් කළ නොහැකි මෘදුකාංග විශේෂයක් මෙතුල ගබඩා කර ඇත. (වර්ථමානයේ මේවා වෙනස් කළ හැකිය)
  • ස්ථිරාංග ලෙස බොහෝ දෙනා හදුන්වනුයේ මෙම චිපයයි.
  • මෙම ගණයට අයත් මතක කිහිපයකි,
  1. ROM
  2. PROM
  3. EPROM
  4. EEPROM
  5. Flash Memory

ද්විතීක ආචයන මතකය | Secondary Storage:


පෙර සදහන් කළ පරිදි විශාල ධාරිතාවන්ගෙන් යුක්ත විදුලිය ඇති විට ගබඩා කළ දත්ත විදුලි විසන්දියෙන් පසුද නැවත නැවත භාවිතයට ගත හැකි පරිදි නිපදවා ඇති මතක විශේෂයකි.
උදා
  1. දෘඩ තැටිය - Hard Disk
  2. ප්‍රකාශ තැටි - CD/DVD/Blue-Ray Disks
  3. චුම්භකිත පටි - Magnetic Tapes
වර්තමානයේ බහුලව භාවිතා වන්නේ දෘඩ තැටි සහ ප්‍රකාශ තැටිය.

දෘඩ තැටිය | Hard Disk :


  • පරිගණකයේ දත්ත රැදවීමට ගන්නා ප්‍රධාන උපාංගයයි.
  • වෙළෙදපලේ විවිධ ධාරිතාවලින් මිළදී ගැනීමට ඇත. (160,250,500 GB, 1TB,2TB)
  • චුම්භක තාක්ෂණයෙන් දත්ත රැදවීම සිදු කරනු ලබයි.
  • දත්ත රැදවීමට අත්‍යාවශ්‍ය උපාංගයකි.


ප්‍රකාශ තැටි | CD/DVD/Blue-Ray Disks :

  • පැතලි ප්ලාස්ටික් තැටි විශේෂයකි.
  • දත්ත රැදවීමටත් නැවත ඒවා කියවීමටත් හැකි අතර විශේෂිත තැටිවල නැවත නැවත දත්ත මකමින් ලිවිය හැක.
  • විවිධ ධාරිතිවලින් (CD-700MB, DVD-4.5GB) යුක්ත අතර මිළෙන්ද අඩුය.


Share this:

8 comments :

  1. ස්තුතියි..
    නියමයි

    ReplyDelete
  2. braking news line eke marquee speed eka adu karanna. supiri blog ekak

    ReplyDelete
  3. Is 1xbet korean legal? - Legalbet.co.kr
    Is 1xbet korean legal? In most cases, there 1xbet promo code will be no legal way to register as a betting company. To start betting, you simply register.

    ReplyDelete
  4. වටින වැඩක්🥰

    ReplyDelete

 
Back To Top
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes