BREAKING NEWS

29 May, 2015

මොකක්ද මේ Software Engineering කියන්නේ ?

වර්තමානයේදී මිනිස්සු හැම දෙයක්ම කරගන්න බලන්නේ කිසිම මහන්සියක් නැතිව. මේ විදිහට තමන්ගේ වැඩ අනුන්ට පවරන්න පටන් ගත්තේ පරිගණකය බිහි වුණාට පස්සේ ඒකෙන් ගන්න පුළුවන් වැඩ ගැන මිනිස්සුන්ගේ පැහැදිලි අදහසක් ආවට පස්සේ තමා. පරිගණකයෙන් මේ විදිහට තම තමන්ට ඕන විදිහට වැඩ ගන්න නිකන් බෑ. ඒකට පරිගණකයට උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් තාර්කිකව සකසලා පරිගණකයටත් මිනිස්සුන්ටත් තේරුම් ගන්න පුළුවන් විදිහට සැකසීම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං කියලා මම කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ කියලා හිතනවා. එහෙනම් අපි මාතෘකාවට යමු,

 මෘදුකාංග යනු What is Software ? >> short description :


‘‘ක්‍රියාත්මක කළ විටක ප්‍රතිදානයක් ලැබීමට පරිගණකයට ඇතුළු කළ උපදෙස් මාලාවකි.‘‘

මෘදුකාංග නිෂ්පාදන වර්ග | Types of S/W Products :


01. Generic Product

වෙළෙද සමාගමක් විසින් විශාල වෙළදපොලක් සදහා යම් නිශ්චිත මිළකට අලෙවි කරනා මෘදුකාංගය.
උදා
 : Microsoft Office Package
: Adobe Collection

02. Bespoke Products

විශේෂිත ගැණුම්කරුවෙකුගේ ඉල්ලීමකට මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් නිපදවන මෘදුකාංගයකි. ඉල්ලුම් කරනා ගැණුම්කරුට හැර අනෙක් පුද්ගලයින්ට ඉන් ප්‍රයෝජන ලබා ගත නොහැකිය. මන්ද එම මෘදුකාංගය නිපදවා ඇත්තේ ඉල්ලුම් කළ ගැණුම්කරුගේ අවශ්‍යතාවයට නිසා අනෙක් අයට තම අවශ්‍යතාවන් ඉන් ඉටු නොවන නිසාය.
උදා
: Hotel Management System
:Library Management System

Generic Products‘වල ලක්ෂණ :

  • අඩු මුදලකි.
  • වඩාත් විශ්වාසදායී වේ.
  • ඉන්ස්ටෝල් කිරීම පහසුය.
  • පරිශීලකට මෙහෙයවීමට පහසුය.
  • පරිශීලකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරා නැත.
  • කෙටි කාලයකින් වෙනස්කම් සිදුකළ නොහැකිය.

Bespoke Products‘වල ලක්ෂණ :

  • මිළෙන් වැඩිය.
  • විශ්වාසනීයතාව අඩුය.
  • ඉන්ස්ටෝල් කිරීමට තරමක කාලයක් ගත වේ.
  • පරිශීලකයන්ට මෙහෙයවීම තරමක් අපහසුය. (නුපුරුදු)
  • ඉල්ලුම් කල පරිශීලකයාගේ අවශ්‍යතා සම්පුර්ණයෙන්ම සපුරා තිබේ.
  • කෙටි කාලයකින් වෙනස්කම් සිදුකල හැකිය.

මෘදුකාංග මීට අමතරව තවත් ආකාරයකට වර්ග කළ හැක. | Classification of Software :


01.පද්ධති මෘදුකාංග | System SW :

පරිගණකයේ දෘඩාංග සමග ඍජුවම සම්බන්ධව කටයුතු කරමින් ඒවා පාලනය කරනා මෘදුකාංගය.
උදා:
:Operating System
:Utility Softwares

02.යෙදවුම් මෘදුකාංග | Application SW:

පරිශීලකයන්ට අවශ්‍ය විවිධ කාර්යන් ( ලිපි සැකසීම, ගිණුම් සැකසීම, සින්දු ඇසීම ආදී....) සිදු කිරීමට හැකියාව ලබා දෙන මෘදුකාංගය.
උදා:
:Microsoft Word
:KM Player

මෘදුකාංග ඉන්ජිනේරුවේදය | SW Engineering :


‘‘මෘදුකාංග නිර්මාණකරණ සංකල්ප යොදා ගනිමින් පරිගණක ක්‍රමලේඛන භාෂාවක් යොදා ගැටළු විසදීමේ ක්‍රමයක් අනුගමනය කර පරිශීලකයා සෑහීමකට පත්වෙන මෘදුකාංගයක් නිර්මාණය කිරීමයි.‘‘

මෘදුකාංගයක් නිර්මාණය කිරීමේදී අනුගමනය කරනා පිළිවෙත් :


  1. Waterfall Model
  2. Evolutionary Develeopment Model
  3. The Spiral Model
  4. Rapid Application Develepment
  5. Rational Unified Process
  6. Agile Process



Share this:

2 comments :

  1. වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. How to get to Caesars casino (NJ) with public transportation
    Directions to 포항 출장안마 Caesars casino (NJ) with public transportation. 양주 출장안마 The 사천 출장샵 following transit lines have routes 1xbet korean that pass near 파주 출장샵 Caesars

    ReplyDelete

 
Back To Top
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes