BREAKING NEWS

28 May, 2015

Java Sinhala Lesson - 02 [Simple Introduction of Java and Installing]


Java නිර්මාණය කරන ලද්දේ ‘ජේම්ස් ගොස්ලින්‘ විසින්ය. Java  නිර්මාණය කිරීම ව්‍යාපෘතියක් ලෙස සිදු කළ අතර මුලින් මෙය Oak  ලෙස හැදින්වූවත් පසුව එම නම පිළීබද නීතිමය ගැටළුවක් මතු වූ බැවින් Java ලෙස නම් කිරීය.
ජාවා ක්‍රමලේඛන භාෂාවේ සුවිශේෂීතා :
  • Object Oriented 
  • Easy to learn
  • Secure
  • Small
  • Platform Independent
NoW ! let's start working with Java >>>> GO !
  • ඉස්සෙල්ලම ජාවා ඩවුන්ලෝඩ් කරගමු. Click Here to Download Java

(1) Accept License Agreement රේඩියෝ බට්න් එක සිලෙක්ට් කරලා,
 (2) ඊළගට පල්ලෙහා තියන කොටු දෙකෙන් තමන්ගේ පරිගණකයේ බිට් වර්ෂන් (32/64 bit)  එකට අදාල ලින්ක් එක උඩ ක්ලික් කරන්න.



  • දැන් ජාවා ඉන්ස්ටෝ්ල් කරමු. අනිත් සොෆ්ට්වෙයාර් වගේම Next ගිහින් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.
  • (ලිපිය හැකිතාක් කෙටි කරන්න ඉන්ස්ටෝ්ල් කරන විදිහේ ස්ක්‍රින්ෂොට් දාන්නේ නෑ. ප්‍රශ්නයක් තිබුනොත් අපිව කන්ටැක්ට් කරගන්න. [From Here] )
  • ජාවා ඉන්ස්ටෝල් Folder වුන එකට ගිහින් Folder Path එක කොපි කර ගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි,
(3) සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් වෙන්නේ C: ඩ්‍රයිව් එකේ Program Files එකටනේ. හරි, මෙන්න යන Path එක.
C:\Program Files\Java\jdk1.7.0_21\bin
(ඔයාලගේ ජාවා වර්ෂන් එක අනුව උඩ තියන පාත් එක වෙනස් වෙන්න පුලුවන්)
(4) දැන් මේ පාත් එක කොපි කර ගන්න.
  • දැන් අපේ පරිගණකය මත ජාවා රන් කරන්න මූලික පරිසරය ගොඩ නංවන්න තමා හදන්නේ. 

My Computer >> Right Click කරලා System Properties වින්ඩෝ එක Open කර ගන්න.
(5) දැන් Advanced System Settings ලින්ක් එක ක්ලික් කරන්න.
 එතකොට Advanced කියන ටැබ් එක ඕපන් වෙලාම වින්ඩෝ එකක් ඕපන් වෙනවා.
(6) එකේ යටින් තියන Environment variables බට්න් එක ක්ලික් කරන්න.
එතකොට Environment variables කියලා තව වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකේ යටතේ තියනවා System Variables කියලා අයිටම් එකක්.
(7) දකුණු පැත්තේ ස්ක්‍රෝල් බට්න් එක ක්ලික් කරලා පල්ලෙහට ඇවිත් Path කියන එක සිලෙක්ට් කරන්න.
දැන් Edit  බට්න් එක ක්ලික් කරන්න.
එතකොට  Edit System Variable කියලා පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා.
එතනින් Variable value කියන එක ඉස්සරහ එකේ කෙලවරට එන්න.
(8) කෙලවරට ; මාක් එක දාන්න.
අර ඉස්සෙල්ලා කොපි කර ගත්ත පාත් එක මෙතනට පේස්ට් කරන්න.
(C:\Program Files\Java\jdk1.7.0_21\bin)
(9) දැන් ආයෙත් මාක් ; එක දාන්න.
ඕපන් වෙලා තියන වින්ඩෝස් ඔක්කොම OK කරලා ඉවත් වෙන්න.
දැන් ඔයාලා ජාවා වලින් වැඩ කරන්න පරිගණකයේ පරිසරයක් නැත්නම් වේදිකාවක් ගොඩ නගලා අවසන්.
අපි බලමු වැඩේ හරියටම උනාද කියලා.
  • කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කර ගන්න ඕන මේකට.
Window Key + R
(start>>all programms>>acessories>>command prompt)
cmd කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
(10) දැන් කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
පල්ලෙහාට ඔය උඩ තියන ස්ක්‍රින් ෂොට් එකේ විදිහට පහළට විස්තර ලෝඩ් වෙයි. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ජාවා වලින් වැඩ ගන්න කාලේ හරි කියන එක.
ඊළග ලිපියෙන් හමු වෙමු !
 මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් අපිව Contact කරගන්න.


Share this:

Post a Comment

 
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes