Java Sinhala Lesson -01 [Introduction of Programming Languages ]
Posted by
Unknown
on
12:25 AM
in
A/L ICT Lessons
Java
Software
|

100% ප්‍රායෝගිකව Java ඉගෙන ගන්න. ICT විෂයක් ලෙස පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ට වැදගත් ලිපි මාලාවක් වන මෙම පාඩම් මාලාව නවකයන්ටත් පහසුවෙත් තේරුම්ගත හැකි පරිදි නිමවා තිබේ.
පරිගණක ක්‍රමලේඛනය හදුන්වා දීම.
විවිධ ජාතීන් සමග එකිෙනකාෙග් අදහස් හුවමාරු කර ගන්න විවිධ භාෂාවන් භාවිතා කරනවා. ඒත් Computer එක අපි දන්න භාෂා දන්නේ නැහැ. ඒ නිසා අපිට Computer එක සමඟ සන්නිවේදනය කරන්න භාෂාවන් භාවිතා කරන්න සිදුෙවනවා. Computer එක දන්නේ ද්වීමය සංඛ්‍යා පද්ධතිය පමණයි. විදුලිය ඇත්නම් 1 නැත්නම් 0 තමා මූලික සංකල්පය.
අපි මොන පරිගණක භාෂාවක් (Java, VB, C#.NET.. etc) යොදාගෙන කොයි තරම් සංකීර්ණ මෘදුකාංගයක් හැදුවත් අන්තිමට ඒක 0 සහ 1 කේත කරගත් ලේඛනයක් බවට පත් වෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ 0 සහ 1 ඉලක්කම් පාදක කරගත් ද්වීමය සංඛ්‍යා ලේඛනය යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) සකස් වුණ ලේඛයක් වෙනවා.
දැන් අපිට පරිගණක භාෂාවන් ගැන පොඩි දැනුමක් තියනවා. ඒ නිසා මම දැන් මේ දේ ඔයාලට කියන්නම්.
ලෝකේ අදවන තුරු බිහිවුණ පරිගණක භාෂා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුලුවන්.
- High Level Programming languages
- Low Level Programming languages
High Level Programming languages
මිනිසාට සමීපතම වචන ඇතුලත් මෙන්ම මිනිසාට පහසුවෙන් තේරුම්ගත හැකි පරිගණක භාෂාවන්ය.
Low Level Programming languages
පරිගණකයට සමීපතම 0 සහ 1 ඇතුළත් මෙන්ම මිනිසාට තේරුම්ගැනීමට අපහසු පරිගණක භාෂෘවන්ය.
අපිට බහුලව උවමනා වෙන්නේ High Level languages උනත් Low Level languages ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන. නැතුව කොයි පරිගණක භාෂාව ඉගෙන ගත්තත් වැඩක් නෑ. මොකද Low Level languages ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපි පොඩ්ඩක් හරි දැනුවත් වෙන්න ඕන.
අපි උදාහරණයකට ගමු ජාවා වලින් සොෆ්ට්වෙයාර් එකක් හදනවා කියලා,
මේ වෙලාවෙදි අපි Computer එක ඉස්සරහ වාඩි වෙලා සොෆ්ට්වෙයාර් එක හදනවා. ඔන්න දැන් හදලා ඉවරයි. මේ සොෆ්ට්වෙයාර් එක දිහා බැලුවම අපි ඉගෙන ගත්ත තියරිත් (theory) දාලා මේ කෝඩ් වලින් වෙන්නේ මොනවද කියලා අපිට හිතාගන්න පුලුවන්. හැබැයි Computer එකට මේක දශමයක්වත් තේරෙන්නේ නෑ. දැන් අපි සොෆ්ට්වෙයාර් එක රන් කරනකොට ඉස්සෙල්ලාම අපිට තේරෙන Computer එකට නොතේරෙන මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම 0 සහ 1 පදනම් කර ගත්ත යන්ත්‍ර භාෂාවට හරවනවා. ඔන්න දැන් යන්ත්‍ර භාෂාවෙන් තියන මේ කෝඩ් එක Computer එකට 100%ක්ම තේරෙනවා.
දැන් ඔයාලට තේරෙනවනේ Low Level languages පරිගණකය තුළ සැගවී සිදු කරන කාර්යභාරය.
අපිට තේරෙන කෝඩ් එක පරිගණකයට තේරෙන කෝඩ් එකක් බවට පත් කරන විශේෂ මෘදුකාංගය ‘භාෂා පරිවර්තක‘ කියලා හදුන්වනවා. පරිවර්තක 2ක් තියනවා. මීට අමතරව ‘ඇසෙම්බ්ලර්‘ කියලා එකකුත් තියනවා.
- Compiler
- Interpreter
හිතන්න අපි ළග ජාවා වලින් හදපු සොෆ්ට්වෙයා එකේ කෝඩ්(Source Code) එක තියනවා. දැන් අපි ඒක පරිවර්තනය කරන ක්‍රම දෙකේ වෙනස් කම් බලමු.
Compiler
මෙහිදී සම්පූර්ණ program එකම Machine code එකට හැරවනවා.
කෝඩ් එකේ වැරදි අන්තිමට පෙන්නනවා.
Interpreter
program එකේ කෝඩ් පේලියෙන් පේලිය වලංගුතාව පරීක්ෂා කරමින් Machine හරවනවා.
කෝඩ් එකේ වැරද්දක් තිබුනොත්, වැරැද්ද තිබුණ පේලියෙන් නවතිනවා.
Next >> Indroduction Java
Post a Comment