මයික්‍රොසොෆ්ට් සමාගම අපූරු පරිගණකයක් නිර්මාණය
කර තිබේ. එහි නම හොලෝග්රැෆික් කම්පියුටර් නම් වේ. මෙය අනාගත ලොවට සරිලන ලෙස නිපදවූ
පරිගණකයකි. ආරම්භයේදී කාමරයක් තරම් විශාල වූ පරිගණකය මේ වන විට උකුල සහ අත්ල මත
තබා ගැනීමට හැකි තරමට කුඩා වී තිබේ. නමුත් පරිගණක පරිණාමය ඉන් නොනැවතීය. දැන්
පරිගණකය උපැස් යුවලක් තරම් ප්‍රමාණයකට කුඩා වී තිබේ යැයි කියතොත් ඔබ පුදුම වේ....
මෙහි ක්‍රියාකාරීත්වය මෙසේය,
හිසෙහි පළදින මේ පරිගණකය හදුන්වන්නේ හොලෝලෙන්ස්
පරිගණකය නමිනි. මෙම උපාංගය හිසේ පැළදගත් විට සිදුවන්නේ පරිගණක තිරයක් අප ඉදිරියේ
මැවී පෙනීමයි. එම තිරයේ සුවිශේෂීතා කිහිපයකි. එකක් නම් මෙම තිරය මැවෙන්නේ අප
ඉදිරියේ වෙනත් දෑ සහිත හිස් අවකාශයේ වීමයි. අනෙක් කරුණ නම් මෙම තිරය ස්පර්ෂ සංවේදී
තිරයක් වීමයි.
මෙම උපාංගය ඩෙස්ක්ටොප්, ලැප්ටොප් පරිගණකයට
සම්බන්ධ කිරීමටද හැකියාවක් පවතී. මෙසේ අප හොලෝලෙන්ස් පරිගණකය සමග සම්බන්ධ වූ විට
එය හැසිරවිය හැකි ආකාර කිහිපයක් පවතී.
- ග්ලාන්ස් - හිසින් සංඥා කර මෙහෙයවීම
- වොයිස් - කටහඩින් මෙහෙයවීම
- මවුස් - සුපුරුදු පරිදි මවුසයෙන් මෙහෙවයවීම
එයාර් ටැප් - ඇගිලි මගින් ඉලක්කම් ආදිය සංඥා කර
මෙහෙයවීම
මෙම හොලෝග්රැෆික් පරිගණකය නිර්මාණ තාක්ෂණය තවමත්
රහසක් ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම සගවාගෙන සිටී. මෙහිදී මැවෙනා ත්‍රිමාන ලෝකය නිසා
මෙය ඉදිරියේදී පරිගණක භාවිතයට ඇති සීමාවන් බිද වැටෙනු ඇතැයි හොලොග්රැෆික් පරිගණකය
නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වූ ඇලෙක්ස් කිප්මන්ය.
පහත දක්වා ඇත්තේ හොලෝලෙන්ස් පරිගණකයක රූපයකි.
ඉදිරියේදී පරිගණක ක්‍රීඩාවල යෙදීමට මෙම පරිගණකය යොදා ගතහොත් පරිශීලකයා සත්‍ය වශයෙන්ම මෙම ක්‍රීඩාව තුළ ජීවත් වෙන්නේ යැයි හැගීමක් ඇති වේ.
දැනටමත් මයික්‍රොෙසාෙෆ්ට් සමාගම ‘නාසා‘ ආයතනය සමග එක්ව මෙම තාක්ෂණය අභ්‍යවකාශ කටයුතු සදහා යොදා ගන්නා ආකාරය පිළිබදව කටයුතු කරමින් සිටී.
එමගින් අභ්‍යවකාශ ක්ෂ්‍රේත්‍රය තුළද යෝධ ගමනක් ආරම්භ වන බව නිසකය.
Post a Comment